ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා නීති රීති පැනවීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැරසෙන බවත් ඒ සඳහා වන කෙටුම්පතක් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ ද අදහස් ලබාගෙන මෙම කෙටුම්පත සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතා පියවර ගෙන ඇති බව ද එම ප‍්‍රකාශකවරයා කීවේය.
සමාගමක් ලෙස ලියාපදිංචි කර ඕනෑම අයෙකුට ජාත්‍යන්තර පාසලක් පවත්වාගෙන යා හැකි අතර ජාත්‍යන්තර පාසල් සම්බන්ධයෙන් කිසිම නියාමනයක් දැනට සිදු නොකෙරෙන බව ද ඔහු කීය.
ඇතැම් පුද්ගලයින් ජාත්‍යන්තර පාසල් ලෙස ප‍්‍රමිතියෙන් තොර අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන බවට චෝදනා එල්ල වන බැවින් මෙම තීරණය ගෙන ඇති බව ද අමාත්‍යාංශය පවසයි.
මීට අමතරව මෙම කෙටුම්පත මගින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ තවත් අංශ කිහිපයක් පිළිබඳව අවධානය යොමු කර ඇති අතර සියලූම දරුවන්ට වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් ලැබීම අනිවාර්ය කිරීම, අ.පො.ස සාමාන්‍ය පෙළින් පසු අධ්‍යාපනය නතර වීමට ඉඩ නොදීම ආදිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වනු ඇතැයි කියති.

